Friday, May 6, 2016

ගීතයක් කියවීම



පෙළින් පෙළට රිය
පෙරහැර මග නැත
දොරින් දොරට සැරසිලි
හැඩවැඩ නැත..
හැඩට රුවට තැළි පිළිද
නැතේ මට ...
එනමුදු අද ඔබෙ මනමාලිය මම ...

තුඩින් තුඩට ආසිරි ගී පද නැත
ඇතෙක් බරට දායදය මට නැත
බුලත් හුරුළු දී අවසර ගෙන නැත
එනමුදු අද ඔබෙ මනමාලිය මම ...

නිමල සිතින් හද නොමල පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත සිත් දහසක් නැතුවට වටකොට
ඔබෙ අත ගෙන එමි සසර පුරුද්දට ...


සිහින් සුළග දිගේ ආව සිරිපොදත් එක්කල      කල්පනාවක ඉන්න වෙලාවක නිකමට වගේ මතක් වුන මේ ගීතය හිතට ගෙන ආවේ සතුට මුසු දුකක්...එක්තරා විපිළිසර බවක් හිත ඇතුලේ හොල්මන් කරනව වගේ හැඟීමකින් මොහොතකට මා වෙලාගත් සේයාවක් දැනෙන්නට වුනා...මේ ගීය ගායනා කල විශාරද මාලිනී බුලත්සිංහල ගායන වේදිනියත් මෙය රචනාකල ගේය පද රචක විපුල ධර්මප්‍රිය ජයසේකරයනුත්  අකල්හි අපව ඇතර ගොසින්...

මේ ගීතයේ ජීවත්වෙන යුවතිය එක්තරා අන්දමක අවාසනාව ගෑවුන චරිතයක්...මොකද එහෙම වෙන්නේ මේ ලෝකේ ජීවත්වෙන සෑම යුවතියන්ගේම බලාපොරොත්තුවක් තමයි තමන්ගේ මංගල දිනයේ බොහෝම ලස්සනට හැඩට,නෑදෑයෝ පිරිවරාගෙන තමන්ගෙ සහකරුගෙ පතිනියවෙලා යන එක...ඒත් බලන්න....

පෙළින් පෙළට රිය
පෙරහැර මග නැත
දොරින් දොරට සැරසිලි
හැඩවැඩ නැත..
හැඩට රුවට තැළි පිළිද
නැතේ මට ...
එනමුදු අද ඔබෙ මනමාලිය මම ...


මේ කී එකක්වත් ඇයට නෑ...ඒවුනාට ඇය ඊට වඩා එහාගිය බලාපොරොත්තුවක් වෙනුවෙන් සතුටකිනුයි ඉන්නෙ...ඒ ඔහුගේ මනාලිය වීමේ සතුටෙනුයි...කොහොම උනත් මේ ගීයේ මට නම් දනවන්නෙ සියුම් දයානු කම්පාවක් කැටිවුනු හිත රිදෝන ගතියක්...ඒ සමහරවිට ඇය වෙනුවෙන් උපන් වේදනාවට වෙන්නත් පුළුවන්...ඊ ලගට මෙහෙමයි....

තුඩින් තුඩට ආසිරි ගී පද නැත
ඇතෙක් බරට දායදය මට නැත
බුලත් හුරුළු දී අවසර ගෙන නැත
එනමුදු අද ඔබෙ මනමාලිය මම ...

                    ඇයගේ විවාහයේදී ඇය වෙනුවෙන්, ඔහු වෙනුවෙන් ආසිරී ගීතිකා ගැයෙන්නෙ නෑ...ඒවගේම ඔහුට පුදන්න ඈ ලඟ ඇතෙක් බරට දායාද නෑ.. මේක තනිකරම ඔවුන් දෙදේනාගේ හිතුමතේ කෙරෙනා විවාහයක්..මොකද බුලත් හුරුළු දීල අවසර ගන්න මව්පියොවත් නොමැති සේයාවක් ජනිතවෙන පසුබිමකුයි තියෙන්නෙ.. .

නිමල සිතින් හද නොමල පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත සිත් දහසක් නැතුවට වටකොට
ඔබෙ අත ගෙන එමි සසර පුරුද්දට ...

 අවසන මොනවා උනත් ඇයගේ බලාපොරොත්තු ඉටුවෙනව...ලස්සන සුරංගනා සිහිනයවගේ නොවුනට බොහෝම ඉහළින් නොවුනට ඇයගේ අදිටන සාර්ථක වෙනවා...බොහෝම සොම්නසකින් ඇය මෙසේ කියනව..  ඒ " ඔබ අත ගෙන එමි සසර පුරුද්දට " .....

ගීතයක් නිකමනට ඔහේ අහනව වෙනුවට ඒ ගීයතුල ජීටත්වෙන ඔබ ගැන අනයට වඩා මම හෝදට දන්නව....මම හැමදාම ඔබව අගේ කරන්නෙ ඒ නිසයි...


 -- ජගත් ප්‍රසන්න කුරුගම --

No comments:

Post a Comment