Showing posts with label රාවණා මම වෙමිය. Show all posts
Showing posts with label රාවණා මම වෙමිය. Show all posts
Thursday, May 12, 2016
රාවණා මම වෙමිය
රාවණා මම වෙමිය
දිගු නින්ද අවසනෙහි
පිබිඳ ඒ සප්තනයෙන්
බලමි තුන්කල මෙසේ
කළෙක මා ගෙන ආපු
සීතාව වෙත නුඹ කොහිද
කිසි දිනෙක පටු සිතින්
නොගෙන ආවෙමි නුඹව ..
කැඳවන්න සටනකට
අවැසිවස් නුඹ කුමරු
ගෙනා නුඹ නිකෙලෙස්ව
රැක්ක මා පණ මෙන්ම ...
නොකෙරුවෙමි කැලලකදු
පිවිතුරුවු නුඹේ නමට
ඇවැසිනම් ඒ ටිකත් තිබුණි
විසඳාලන්න ...
රණ මඩල අරුමයක් නොවිණි
මට කිසි කලෙක
ඉතිහාසෙ බොරු ලීවෙ
කවුද ඒ මා නමට ...
කිමද ගිණි මැල තබා විමසුවේ
පතිවරුත
ඔහුට විස්වස් නොවුයෙ මමද
නැතිනම් නුඹද ...
සැබෑ පෙමවන්තයන්
හැසිරේද ඒ ලෙසින
සන්සුන්ව විමසන්න
ඉතිං එය පවසන්න..
කඩදාසියක් මත
jagathkurugama.blogspot.com
Subscribe to:
Posts (Atom)
